නව පළාත් සෞඛ්‍ය ලේකම්තුමියගේ පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව සහ පළාත් ආයුර්වේද රෝහල නිරීක්ෂණ චාරිකාව.


උතුරු මැද පළාත් නව සෞඛ්‍ය ලේකම්තුමිය වන කේ.එම්.එස්.ඩී. ජයසේකර මිය, 2022. 11. 11 දින ‌උතුරු මැද පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව සහ අනුරාධපුර පළාත් ආයුර්වේද රෝහල නිරීක්ෂණ චාරිකාවක් සඳහා පැමිණි අතර එතුමිය සමග පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ගණකාධිකාරීතුමිය, ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්තුමිය, සැලසුම් අධ්‍යක්ෂකතුමා සහ නියෝජ්‍ය සැලසුම් අධ්‍යක්ෂකතුමා යන නිලධාරී මහත්ම මහත්මීන් එම අවස්ථාවට සහභාගී විය. 

මෙහිදී පළාත් ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය ධනපාල හෙට්ටිආරච්චිගේ මහතාගේ ප්‍රධානත්වයෙන් දෙපාර්තමේන්තු කාර්යමණ්ඩලය විසින් ඉතා උණුසුුුුම්ව, පළාත් සෞඛ්‍ය ලේකම්තුමිය පිළිගන්නා ලද අතර එතුමිය අතින් පළමුව සංකේතාත්මකව ගම්මාළු ශාක පැළයක් රෝපණය කිරීම සිදු කරන ලදී. ඉන්පසුව පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී පළාත් සෞඛ්‍ය ලේකම්තුතුමියගේ ප්‍රධානත්වයෙන්, දෙපාර්තමේන්තු කාර්යමණ්ඩලය හා අමාත්‍යාංශ කාර්යමණ්ඩලය අතර සුහද හමුවක් පැවැත්විණි. එහිදී උතුරු මැද පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව හා ඊට අනුබද්ධීත ආයතන මගින් සිදුවන සේවාව පිළිබඳව නව පළාත් සෞඛ්‍ය ලේකම්තුතුමි දැනුවත් කිරීමක් සිදු කරන ලදී. පළාත් සෞඛ්‍ය ලේකම්තුමිය විසින් මෙහිදී අප දෙපාර්තමේන්තුව හා ඊට අනුබද්ධිත ආයතන විසින් පළාතේ ජනතාව වෙත සපයන සේවාව ඉතා අගය කරන ලද අතර තව දුරටත් අපගේ සේවාවන් පුළුල් කිරීම සඳහා අමාත්‍යාංශ මට්ටමින් අවශ්‍ය උපරිම මැදිහත්වීම සිදු කිරීමට තමා කටයුතු කරන බව වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී. 

ඉන්පසුව පළාත් සෞඛ්‍ය ලේකම්තුමිය එහා එම කාර්යමණ්ඩලය පළාත් ආයුර්වේද රෝහල නිරීක්ෂණ චාරිකාවක් ද සිදු කරන ලදී.

No comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් පිටුවතොරතුරුපුවත්විමසීම්
Skip to content