ආයුර්වේද අධ්‍යාපන ඒකකය

ආයුර්වේද අධ්‍යාපන ඒකකය යටතේ ක්‍රියාත්මක වන අංශ 3කි. එනම් ,

  • 1

    තාක්ෂණික, සංවර්ධන හා සංඛ්‍යාලේඛන තොරතුරු අංශය.

  • 2

    ප්‍රජා සෞඛ්‍ය අංශය.

  • 3

    ආයුර්වේද සංරක්ෂණ සභා, පුහුණු, අධීක්ෂණ හා ප්‍රචාරක අංශය.

තාක්ෂණික, සංවර්ධන හා සංඛ්‍යාලේඛන තොරතුරු අංශය

වෛද්‍ය ජී.එම්.පී. ජයරත්න මයා
වෛද්‍ය ඒ.එම්.එච්.එන්. අමරසිංහ
එච්.ඒ.ඩී.ඊ.බී. පෙරේරා මයා

  තාක්ෂණික, සංවර්ධන හා සංඛ්‍යාලේඛන තොරතුරු අංශයේ ප්‍රධාන කාර්යය භාර්යයන්,

  • උතුරු මැද පළාත් අයුර්වේද දෙපාර්තමේන්තුවට අයත් සියළුම ආයතනයන් නවීන තාක්ෂණික උපකරණ වලින් සංවර්ධනය කිරීම හා තාක්ෂණික දැනුම ලබා දීම.
  • පළාත් ආයුර්වේද වෙබ් අඩවිය පවත්වාගෙන යාම.
  • භාණ්ඩ හා සේවාවන් සපයාගැනීමේදී තාක්ෂණික වාර්ථාවන් සැපයීම
  • පළාත තුල සිදුවන සියළුම සංවර්ධන කටයුතු වලදී සෘජු අධීක්ෂණය.
  • මාසික, ත්‍රෛයිමාසික, අර්ධ වාර්ෂික හා වාර්ෂික සංඛ්‍යාලේඛන තොරතුරු එක්රැස් කිරීම හා වෙනත් ආයතන වෙත නිකුත් කිරීම.
  • ආයුර්වේද දෙපාර්තමේන්තුව සතු තාක්ෂණික උපකරණ විධිමත් කලමණාකරණය.

ප්‍රජා සෞඛ්‍ය අංශය.

වෛද්‍ය එම්.ජී. දයාරත්න (ප්‍රජා සෞඛ්‍ය අධීක්ෂණ වෛද්‍ය නිලධාරී)
වෛද්‍ය ඒ.එම්.එච්.එන්. අමරසිංහ
ඒ.එන්. නිසංසලා මිය

ප්‍රජා සෞඛ්‍ය අංශයේ 2022 වර්ෂයට යෝජිත ප්‍රධාන කාර්යය භාර්යයන් රාශියකි. එනම්,

  • බෝ වන රෝග සඳහා ශක්තිමත්ව මුහුණ දිය හැකි ප්‍රතිශක්තිකරණය ඉහළ නංවන ජීවන රටාවක් ඇති කිරීමේ වැඩසටහන.
  • පෝෂණය හා බද්ධ වූ ආයුර්වේද මූලධර්ම තුලින් ස්වස්ථ පුද්ගලයකු නිර්මාණය කිරීමේ වැඩසටහන.
  • වකුගඩු රෝග නිවාරණය ප්‍රධාන කොටලත් ඒ හා සබැ`දි බෝ නොවන රෝග මර්ධනය හා පාලන වැඩසටහන.
  • මත්ද්‍රව්‍ය නිවාරණය හා මානසික සෞඛ්‍ය ඉහළ නැංවීමේ වැඩසටහන.
  • පාරම්පරික වෛද්‍ය ක්‍රම සංරක්ෂණය , ප්‍රතිකාර මධ්‍යස්ථාන හා ඔසු සැල් නියාමන වැඩසටහන.
  • ආදර්ශ ගම්මාන වැඩසටහන.
  • යෝග ප්‍රවර්ධන ඩසටහන.
  • ප්‍රවර්ධන සමාජ වැඩසටහන.
  • ඖෂධ ශාක සංරක්ෂණය සහ අත්ඛෙහෙත් ප්‍රවර්ධන වැඩසටහන.
  • ජංගම සායන.
  • නිර්මාණශීලි වැඩසටහන්.
  • සඳුදා දින පවත්වන වකුගඩු රෝග හා තෝරාගන්නා ලද තවත් එක් රෝගයක් සඳහා පවත්වන බෝ නොවන රෝග සායනය.

ආයුර්වේද සංරක්ෂණ සභා, පුහුණු, අධීක්ෂණ හා ප්‍රචාරක අංශය.

වෛද්‍ය එස්.එස්. වෑත්තෑව මිය
ඒ.එන්. නිසංසලා මිය

ආයුර්වේද සංරක්ෂණ, පුහුණු, අධීක්ෂණ හා ප්‍රචාරක අංශය මගින්ද කාර්යය භාර්යයන් රාශියක් ඉටුවේ. එනම්,

  • පාරම්පරික වෛද්‍යවරුන්ගේ තොරතුරු එක්රැස්කිරීම, තොරතුරු යාවත්කාලීන කිරීම හා අත්පොත් සැකසීම.
  • පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවට අයත් සියළුම ආයතන වල විවිධ කාර්යය මණ්ඩලයන් සඳහා පුහුණු වැඩසටහන් සංවිධානය.
  • රෝහල් , මධ්‍ය බෙහෙත් ශාලා හා අනිකුත් ආයතන අධීක්ෂණය.
  • දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරණ පුවත් පත පවත්වාගෙන යාම.

ආයුර්වේද අධ්‍යාපන ඒකකය සම්බන්ධ වූ වැඩසටහන් කිහිපයක් ……

  • පළාත් ආයුර්වේද රෝහලේ ගෙවන වාට්ටු සංකීර්ණය විවෘත කිරීම

  • ප්‍රජා සෞඛ්‍ය වෛද්‍යවරුන් හට හල්දුම්මුල්ල යෝග පුහුණු වැඩසටහන

  • දියසෙන්පුර ආයුර්වේද මධ්‍යම බෙහෙත් ශාලාව විවෘත්ත කිරීම

  • ජාතික හිස තෙල් ගෑමේ උත්සවය

  • ආදර්ශ ගම්මාන නායකත්ව පුහුණු වැඩසටහන - අනුරාධපුර දිස්ත්‍රික්කය

  • ආදර්ශ ගම්මාන නායකත්ව පුහුණු වැඩසටහන - පොලොන්නරුව දිස්ත්‍රික්කය

  • රාජ්‍ය ආයතන දනුවත් කිරීමේ වැඩසටහන - පළාත් ආණ්ඩුකාර කාර්යාලය

  • ඉසිවර වෙදැදුරු අභිනන්දන - පාරම්පරික වෙද මහත්වරුන්ගේ උපහාර උළෙල

  • මව් පදවියට උපහාර - ගර්භණී මාතාවන්ට පෝෂණ මලු බෙදා දීම

  • වකුගඩු රෝග නිවාරණය සඳහා අත් පත්‍රිකා, සායනික පත් හා ප්‍රත්‍යක්ෂ චිකිත්සා පද්ධතියක් ගොඩනැගීම

  • රෝහල් වෛද්‍යවරුන් සඳහා ශාස්ත්‍රීය දැනුම සංවර්ධනය සඳහා ආරාධිත විශ්වවිද්‍යාලීය කතිකාචාර්යයවරැන්ගේ දේශන සංවිධානය

  • තාක්ෂණික සන්නිවේදන ක්‍රම භාවිතයෙන් ආයුර්වේද  ප්‍රජා සෞඛ්‍ය සේවය වඩා කාර්යක්ෂම හා ඵලදායී සේවාවක් බවට පත් කිරීම

මුල් පිටුවතොරතුරුපුවත්විමසීම්
Skip to content