ඔසුතුරු ‌තොරතුරු

ඖෂධීය ශාක තොරතුරු

අංකෙන්ද (Claw Flowered laurel)

උද්භීද විද්‍යාත්මක නාමය : Acronychia pendunculata (L.) Miq.

කුලය : RUTACEAE

ගණය : Acronychia

ගෝත්‍රය : Sapindales

සිංහල : අංකෙන්ද , අඹගෙදි, ලුනංගෙදි, හඟුගෙදි

දෙමළ : முத்தனாரி, கட்டக்கானி

ඉංග්‍රීසි : Claw flowered laurel, Laka wood

සංස්කෘත : අංකෝට, ආම්‍රගන්ධික

ව්‍යවහාරික අංග : කොළ, පොතු, මුල්

ආයුර්වේදීය ගුණ කර්ම

රස : තික්ත, කෂාය, අම්ල

ගුණ : උෂ්ණ, රූක්ෂ

වීර්ය : උෂ්ණ

විපාක : කටු හෝ අම්ල

දෝෂ කර්ම

වාත කඵහර යි.

ප්‍රධාන කර්ම

  • ශෝථහර යි, විම්ලාපන යි, රක්ත දෝෂ නාශක යි, ව්‍රණරෝපණ යි, වාතානුලෝමන යි.
  • ව්‍යවහාරික රෝග අවස්ථා : ශෝථ, ශූල, අභිඝාත, ආමවාතජ සන්ධි ශෝථ.
ඖෂධ ප්‍රයෝග

ප්‍රකට යෝග :

  • ආමවාතජ සන්ධි ශෝථයට : කොළ, පොතු, ලුණු කැට භාවිතයෙන් පත්තු පදමට සකසා ගත් ප්‍රලේපය ස්ථානික ශෝථය හා ශූලය පහකිරීම වස් යොදාගැනේ.
  • ආඝාත ජනිත ව්‍රණ රෝපණයට හා ගෙඩි ඉසිරවීමට : කොළ, පොතු මැල්ලුම යොදාගනු ලැබේ. විද්‍රධි අවස්ථාවකට (ගෙඩි) යෙදූ විට එය පැසවා අභ්‍යන්තරයේ ඇති ශල්‍යය පිටතට මතු කරවයි.
  • දරුණු තැලීම් වැනි අභිඝාත අවස්ථාවලට : අංකෙන්ද කැඳ පානය නිර්දේශ කරයි.
  • ළදරු රත රෝගයට: ඒ සඳහා යොදන අංකෙන්ද රොටිය සඳහා ද ඖෂධ ද්‍රව්‍ය අඹරාගනුයේ අංකෙන්ද පොතු යුෂෙයෙනි.
වෙනත් කරුණු

අඩංගු නිෂ්පාදිත ඖෂධ : අංකෙන්ද තෛලය, නීල්‍යාදී තෛලය, රත තෛලය

ප්‍රරෝහණ ක්‍රම : බීජ මගින්

පරිසරය : තෙත් කලාපයේ ප්‍රධානව හා සුලභව දැකිය හැක. මුහුදු මට්ටමේ සිට මීටර 1600 දක්වා ප්‍රදේශවල හමුවේ.

අක්කපාන (Cathedral bells)

උද්භීද විද්‍යාත්මක නාමය : Bryophyllum pinnatum (Lam) Oken.

කුලය : Crassulaceae

ගණය : Bryophyllum

ගෝත්‍රය : 

සිංහල : අක්කපාන

දෙමළ : கட்டு பிறந்தாய்

ඉංග්‍රීසි : Cathedral bells

සංස්කෘත : පර්ණ බීජ, පාෂාණභේද, භින්න යෝජනී, අශමඝ්න

ව්‍යවහාරික අංග : පත්‍ර

ආයුර්වේදීය ගුණ කර්ම

රස : කෂාය, අම්ල

ගුණ : ලඝු, රූක්ෂ

වීර්ය : ශීත

විපාක : මධුර

දෝෂ කර්ම

වාත පිත්ත ශාමක.

ප්‍රධාන කර්ම

  • රක්තස්ථම්භක යි, රක්තරෝධක යි, රක්ත පිත්ත ශාමකයි. ව්‍රණ රෝපණයි, අභිඝාත ජනිත ශෝථය නසයි.
  • ව්‍යවහාරික රෝග අවස්ථා : රක්ත ප්‍රවාහිකා, රකතාර්ශස් සහ රක්ත ප්‍රදරය
ඖෂධ ප්‍රයෝග

ප්‍රකට යෝග :

  • මුත්‍ර ඝාතයට : පත්‍ර ප්‍රලේපය යටි බඩ ප්‍රදේශයට දමනු ලැබේ.
  • මුත්‍ර අශ්මරී : පත්‍ර කොටා මිරිකා ගත් යුෂ පානයට දෙනු ලැබේ.
වෙනත් කරුණු

ප්‍රරෝහණ ක්‍රම : පත්‍ර, බීජ හා මුල් මගින්

පරිසරය : ශ්‍රී ලංකාවේ අතරමැදි හා පහතරට ‌ වියළි කලාපයේ සුලභව වැඩේ.

අත්තික්කා (Cluster fig)

උද්භීද විද්‍යාත්මක නාමය : Fiscus racemosa L.

කුලය : Moracea

ගණය : 

ගෝත්‍රය : 

සිංහල : අට්ටික්කා, දිඹුල්

දෙමළ : அத்தி, பராசா

ඉංග්‍රීසි : Cluster fig, red river fig

සංස්කෘත : උදුම්බර (उदुम्बरः)

ව්‍යවහාරික අංග : කොළ, පොතු, ගෙඩි, මුල්, කිරි

ආයුර්වේදීය ගුණ කර්ම

රස : කෂාය, මධුර

ගුණ : රූක්ෂ

වීර්ය : ශීත

විපාක : කටු

දෝෂ කර්ම

සෙම් පිත් ශාමක, රක්ත දෘෂ්ටි නාශක, රත් පිත් ශාමක, රක්ත රෝධක

ප්‍රධාන කර්ම

  • බාහිරින් ශෝථහර, වේදනාස්ථාපන, වර්ණකාරක, ව්‍රණ ශෝධන හා ව්‍රණ රෝපණ වේ.
  • අභ්‍යන්තරික වශයෙන් කඵ පිත්තජ රෝගයන්හිදී භාවිතා කරයි.
  • අග්නිසාධක හා ස්තම්බන ගුණය ඇත. මේ නිසා රක්ත ප්‍රදර, ගර්භාෂ ශෝථ හා ගර්භස්‍රාව නැති කරයි.
ඖෂධ ප්‍රයෝග

ප්‍රකට යෝග :

  • රක්ත අතීසාරයට, රක්ත ප්‍රවාහිකාවට, ග්‍රහණියට, රක්ත ප්‍රදරයට, බහු මුත්‍රතාවයට, ලේ කාරා දැමීමට : අත්තික්කා පොතු කෂාය ගුණදායකය.
  • රත් පිතට, රක්ත ප්‍රදරයට, ශුක්‍ර මෝචනයට : අත්තික්කා ඉදුණු ගෙඩි අඹරා මිරිකා ගත් යුෂට මී පැණි ස්වල්පයක් දමා පානය කිරීම. ඉදුණු අත්තික්කා ගෙඩි යුෂ හෝ කෂාය හෝ ශීත කෂාය.
  • පිතෙන් ඇතිවූ පිපාසයට : අත්තික්කා පොතු කෂාය හෝ අත්තික්කා ‌කොළ තම්බා සාදා ගන්නා ඝන සාරය.
  • ප්‍රදරයට: උත්තරවස්ති සඳහා යොදා ගැනීම.
  • යෝනි වේදනාවට, දරු ගැබ පිහිටීමට: උදුම්බරා තෛලය අත්තික්කා කිරෙන් 6 වරක් භාවනා දී ගත් කල ඇට වියලා කොටා තෙල් ගෙන අත්තික්කා පොතු කෂාය සමග සිද්ධ කොට ගත් තෛලය යෙදීම.
  • ශෝථ වේදනා සහිත ව්‍රණ වලට: අත්තික්කා කිරි ආලේපය.
  • සමෙහි ඇතිවන ලප කැළැල් හා විවර්ණතාවයට : දළු අඹරා ගෑම.
  • රත් පිතට: අත්තික්කා පොතු හා ගෙඩි තැම්බූ ජලය පානය.
  • තුවාල සේදීමට: කොළ තැම්බූ වතුර.
වෙනත් කරුණු

අඩංගු නිෂ්පාදිත ඖෂධ : උදුම්බර පැණිය, උදුම්බර ක්වාථය, උදුම්බරා තෛලය, උදුම්බර ඝන සාරය.

ප්‍රරෝහණ ක්‍රම : බීජ මගින්

පරිසරය : පහත රට තෙත් කලාපයේ ගංගා ඉවුරු ආශ්‍රිතව බහුලව දැකිය හැක.

අතිවිඩයම් (Aconite)

උද්භීද විද්‍යාත්මක නාමය : Aconitum heterophyllum wall.

කුලය : Rananculaceae

ගණය : 

ගෝත්‍රය : 

සිංහල : අතිවිඩයම්, ඉවද

දෙමළ : ஆதிவுதயம்

ඉංග්‍රීසි : Aconite

සංස්කෘත : අතිවිෂා, කාෂ්මීරා, ශුක්ල කන්ද, භංගුරා, ඝුණ වල්ලභා, ශිශු ‌භෛෂජ්‍යා

ව්‍යවහාරික අංග : මුල හා අල

ආයුර්වේදීය ගුණ කර්ම

රස : කටු, තික්ත

ගුණ : ලඝු, රූක්ෂ

වීර්ය : උෂ්ණ

විපාක : කටු

දෝෂ කර්ම

කඵ පිත්ත නාශකයි. ත්‍රිදෝෂ ශාමකයි.

ප්‍රධාන කර්ම

  • අග්නිමාන්ද්‍ය, අජීර්ණ, ආමදෝෂ, ඡර්දි, ජ්වරාතීසාර, අතීසාර, අර්ශස්, පණු රෝග, රත් පිත, රක්ත ශ්‍රාව, ප්‍රතිශ්‍යා, ශ්වාස, විෂමජවර
ඖෂධ ප්‍රයෝග

ප්‍රකට යෝග : විෂ සහිත පැළෑටියකි. 5g – 6g දක්වා ශරීර ගත වූ විට උගුර වියලීම, වෙව්ලීම ආදී ලක්ෂණ පහළ වේ. මෙය විෂ වීමෙන් ස්නායු පද්ධතිය අක්‍රිය වීම, හෘදයේ ක්‍රියාකාරීත්වය දුර්වල වීම හෝ ඇනහිටීම සිදු වේ. එබැවින් භාවිතයට ගැනීමේදී විෂ ශෝධනය කර භාවිත කල යුතුය.

  • අතීසාරයෙහි පුරාතන අවස්ථාවට : අතිවිඩයම්, කෙළිිඳ පොතු සම භාගව චූර්ණ කර යෙදීම.
  • ක්‍රිමි – ළදරු වටපණු රෝගයට: අතිවිඩයම්, වළඟසාල් සමව ගෙන චූර්ණ කොට වරකට 1g ක් මී පැණියෙන් දීම.
  • ශ්වාස රෝගයට : අතිවිඩයම්, සුවඳ කොට්ටම් චූර්ණය වරකට 2g ක් මී පැණියෙන් දීම.
වෙනත් කරුණු

ප්‍රරෝහණ ක්‍රම : බීජ මගින් හෝ අල මගින්

ප්‍රභේද : මුලෙහි වර්ණය අනුව සුදු, රතු හා කළු වශයෙන් ප්‍රභේද 3 කි.

පරිසරය: ඉන්දියාවේ හිමාලයේ හා උප හිමාල කාෂ්මීර කඳුකර ප්‍රදේශවල දක්නට ලැබෙන ශාකයකි. ශ්‍රී ලංකාවේ ස්වභාවික පරිසරයේ දක්නට නොලැබේ.

අනිත්ත

උද්භීද විද්‍යාත්මක නාමය : Rhinacanthus nasutus (L.) Kurz.

කුලය : Acanthaceae

ගණය : 

ගෝත්‍රය : 

සිංහල : අනිත්ත

දෙමළ : நாகமல்லி

ඉංග්‍රීසි : 

සංස්කෘත : යුථිකපර්ණී (युतिकापर्णि)

ව්‍යවහාරික අංග : මුල් සහ සම්පූර්ණ පැළෑටිය

ආයුර්වේදීය ගුණ කර්ම

රස : කටු, තික්ත

ගුණ : ලඝු, රූක්ෂ

වීර්ය : උෂ්ණ

විපාක : කටු

දෝෂ කර්ම

කඵ වාත ශාමකයි.

ප්‍රධාන කර්ම

  • මුල් ලේඛනීයයි. ස්ඵෝට ජනකයි. කුෂ්ඨඝ්නයි, දදෘ නිශකයි, කෘමිඝ්නයි, රක්ත ශෝධකයි, උත්තේජතයි, වාජීකරණයි, සාත්මීකරණය විෂඝ්නයි.
ඖෂධ ප්‍රයෝග

ප්‍රකට යෝග :  පණුකැවිලි, පණුලප, දද, හොරි, කඩුවේගන්, පාමා, කිටිභ, ඉකිලි කැසීම, ගජ චර්ම

  • තුවාල සේදීමට – අමුකහ සමග තම්බා පෙරා ගත් ජලය.
  • කුෂ්ඨ රෝග වලදී – මුල් හා පත්‍ර ලේප කිරීම සිදු කරයි. මුල් වලින් සකසා ගත් ක්වාථය ද දෙනු ලබයි.
  • ක්‍රිමි රෝගයට – මුල් හා පත්‍ර අඹරා කල්කය දීම.
  • සර්ප විෂට – මුල් උපයෝගී වේ.
  • විවිධ චර්ම රෝග වලට – අනිත්ත කොළ තම්බා එම වතුරින් සේදීම හෝ කොළ අඹරා ඇතිල්ලීම, අමු කහ සමග. මුල් කෂාය බීමට දීම. 
  • සර්ප විෂට හා පත්තෑ විෂට – අනිත්ත කොළ කොටා යුෂ ගෙන එයින් එම මුල් ගලගා දියකර කකාරා ගෑම හෝ කොළ කහ ලුණු ලා මලවා බැඳීම.
  • කාමෝද්දීපනයට – මුල් යොදා සාදාගත් කිරි කෂාය.
වෙනත් කරුණු

ප්‍රරෝහණ ක්‍රම : බීජ මගින් හෝ අතු මගින්

ප්‍රභේද : හීන් අනිත්ත හා මහ අනිත්ත.

පරිසරය: පහත රට වියළි කලාපීය වනාන්තර ප්‍රදේශවල, සෙවන සහිත ජලාශ්‍රිත ප්‍රදේශවල දක්නට ලැබේ.

අබ (Indian mustard)

උද්භීද විද්‍යාත්මක නාමය : Brassica juncea (L.) Czern.

කුලය : CRUCIFERAE

ගණය : 

ගෝත්‍රය : 

සිංහල : අබ

දෙමළ : நீலம்

ඉංග්‍රීසි : Indian mustard

සංස්කෘත : සර්ෂප (सर्षपः), සිද්ධාර්ථ (सिद्धार्थः)

ව්‍යවහාරික අංග : බීජ (අබ ඇට), කොළ, මුල් 

ආයුර්වේදීය ගුණ කර්ම

රස : කටු, තික්ත

ගුණ : තීක්ෂ්ණ, රූක්ෂ

වීර්ය : උෂ්ණ

විපාක : කටු

දෝෂ කර්ම :

කඵ වාත හරයි. පිත්ත වර්ධකයි.

ප්‍රධාන කර්ම :

දීපනයි. පාචනයි. ශූල නාශකයි. කඵ මේදස් නසයි. වමන කාරකයි. කණ්ඩරා ශක්තිමත් කරයි. විශේෂයෙන් හනු පේශි ශක්තිමත් කරයි. දත් ශක්තිමත් කරයි. රස දැනීම වඩවයි. සමේ මෘදු ගතිය ඇති කරයි.

ඖෂධ ප්‍රයෝග

ප්‍රකට යෝග : 

ප්‍රතිශ්‍යාව හා හිස රුදාවට : අබ ඇට ඇල්දියෙන් ලේපය සාදා නළල මත තැබීම.

වේදනා නාශනයට : අබ තෙල්, කපුරු ස්වල්පයක් සමග මිශ්‍රකර ආලේප කිරීම.

ගෙඩි පැසවීමට : අබ පැලැස්තර යෙදීම.

වාත රක්තයට : සුදු අබ, එළකිරෙන් අඹරා ගෑම.

දදවලට : සුදු අබ හා මෝරු පැලැස්තර යෙදීම.

කන් කැක්කුමට : ඉඟුරු යුෂ හා මිශ්‍රකල අබ තෙල් කනට පිටතින් ගෑම.

ඌරු ස්ථම්භයට : අබ හා කරඳ ඇට එල මුත්‍රයෙන් අඹරා ගෑම.

කර්ණික සන්නිපාතයට : කන මුල ඇති වන ග්‍රන්ථි ප්‍රදාහයට අප හා මුරුංගා පොතු අඹරා ගෑම.

විෂ වර්ග කැවුණ විට : වමනය කරවීම සඳහා අබ කුඩු තේ හැඳි 1ක් පමණ නිවුණු ජලයට දියකර බීමට දීම.

ප්‍රමේහයට :  අබ තෙල් මිශ්‍ර බත් අනුභවයට දීම.

අණ්ඩ වෘද්ධියට : අබ හා වද කහ සමව ගෙන අඹරා ආලේප කිරීම.

අබ පැලැස්තර වශයෙන් යෙදීමේදී රෙදි කඩක ගා ඖෂධය සමට නොගෑවෙන සේ නොපිට එළිය යුතුය එළිය යුතුය.

අබ තීක්ෂණ ද්‍රවයක් බැවින් ගර්භණීන්ට හා වෘක්ක ( වකුගඩු ) රෝගීන්ට අපථ්‍ය වේ.

වෙනත් කරුණු

අඩංගු නිෂ්පාදිත ඖෂධ : සිද්ධාර්ථ තෛලය, සර්ෂපාදී තෛලය.

ප්‍රරෝහණ ක්‍රම : බීජ මගින්

පරිසරය : වියළි කලාපයේ මීටර් 50 – මිටර් 2000 දක්වා භූමි ප්‍රදේශවල වගා කල හැක.

අඹ (Mango)

උද්භීද විද්‍යාත්මක නාමය : Mangifera indica L.

කුලය : ANACARDIACEAE

ගණය : 

ගෝත්‍රය : 

සිංහල : අඹ

දෙමළ : மாங்காய்

ඉංග්‍රීසි : Mango

සංස්කෘත : ආම්‍ර ( आम )

ව්‍යවහාරික අංග : මල්, ගෙඩි, කොළ, අඹ ඇට මද, ගසේ පොතු, මුලේ පොතු, මැලියම් 

ආයුර්වේදීය ගුණ කර්ම

රස : කෂාය

ගුණ : ලඝු, රූක්ෂ

වීර්ය : ශීත

විපාක : කටු

දෝෂ කර්ම :

අඹ පොතු, මුල්, පත්‍ර, පුෂ්ප, ඇට මද – කඵ පිත්ත නාශකයි.

ඉදුණු ගෙඩි – වාත පිත්ත ශාමකයි.

අමු ගෙඩි – ත්‍රිදෝෂ කාරකයි.

ප්‍රධාන කර්ම :

අඹ මල් – රුචි කාරක, ග්‍රාහී, ධාරක

අඹ ගැට – රුචි කාරක, වාත පිත්තකර වේ. ආමාශය හා උගුරේ ශිථිලතාව ඇති කරයි. රත් පිත් වර්ධකයි.

පැසුණු අඹ – රක්ත පිත්ත කරයි.

ඉදුණු අඹ – වෘෂ්‍ය යි, හෘද්‍ය යි, වාත නාශකයි, වර්ණ උද්පාදකයි, ශීතලයි, තරමක පිත්ත ජනකයි, කඵ වර්ධකයි, ජඨරාග්නි වර්ධකයි, බුද්ධිවර්ධකයි, විෂ්ටම්භනයි, වෘංහණයි, ශෝණිතාස්ථාපනයි, අනුලෝමනයි, බලකාරකයි, මාංස වර්ධකයි, ක්ෂත, දාහ, ක්ෂය, විකාර නාශකයි.

පත්‍ර – ඡර්දි නිග්‍රහණයි.

පොතු – රක්ත සංග්‍රාහකයි.

පුෂ්ප, පොතු, ඇට මද – ස්ථම්භන හා ක්‍රිමිඝ්න යි.

ඖෂධ ප්‍රයෝග

ප්‍රකට යෝග : 

 

වෙනත් කරුණු

අඩංගු නිෂ්පාදිත ඖෂධ : පුෂ්‍යානුග චූර්ණය, ආම්‍රපානක (අඹ සිරප්)

ප්‍රරෝහණ ක්‍රම : බීජ මගින්

 

මුල් පිටුවතොරතුරුපුවත්විමසීම්
Skip to content