ආයුර්වේද ප්‍රජා වෛද්‍ය සේවාව

දැක්ම

නිරෝගීත්වයෙන් සපිරි රජරටක්.

මෙහෙවර

හිතායු, සුඛායු, දීර්ඝායුෂයෙන් යුත් ජන සමාජයක් උදෙසා ජනතාවගේ ආයුර්වේදීය දැනුම ප්‍රවර්ධනය කරමින් ඒ සඳහා ඉලක්කගත ක්‍රියාකාරකම් මගින් ආයුර්වේද ජීවන දර්ශනය ජන ජීවිතය තුළ ප්‍රතිස්ථාපනය කිරීම.

විශේෂ අරමුණු

2025 වසර වන විට ආයුර්වේද දැනුම ජන සමාජය තුළ ප්‍රචලිත කිරීම මගින් බෝ නොවන හා බෝවන රෝග සඳහා රෝහල් කරා යොමුවන රෝගීන් 50% ක් දක්වා අඩු කිරීම.

2025 වසර වන විට ආයුර්වේද දැනුම ජන සමාජය තුළ ප්‍රචලිත කිරීම මගින් අනාගතයේ ඇතිවිය හැකි සෞඛ්‍ය අභියෝගවලට ශක්තිමත්ව මුහුණදිය හැකි නිරෝගිමත් පරපුරක් රටට දායාද කිරීම.

අරමුණු

  1. පෝෂණය හා බද්ධ වූ ආයුර්වේදීය මූලධර්ම තුළින් සුරක්ෂිත, සුපෝෂී ආහාර රටාවන් පිළිබඳ ජනතාවගේ දැනුම පුළුල් කිරීම මගින් නිරෝගී පුද්ගලයකු නිර්මාණය කිරීම.
  2. වකුගඩු රෝගය ප්‍රමුඛ බෝ නොවන රෝග, බෝවන රෝග වැලැක්වීම හා පාලනය සඳහා ආයුර්වේද දර්ශනය පාදක කරගත් ස්වභාවික ප්‍රතිශක්තිකරණය ඉහළ නංවන ජීවන රටාවක් ඇතිකිරීම.
  3. පවුල් ඒකකය තුල සහයෝගීතාවය සංවර්ධනය හා සාමකාමී පවුල් සංස්ථාවක් උදෙසා ආයුර්වේද උපදේශනය.
  4. ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ කායික හා මානසික සුවය අරමුණුකරගත් ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම මගින් සෞඛ්‍ය සම්පන්න වැඩිහිටි පරපුරක් සමාජයට දායක කිරීම.
  5. නිවැරදි අත් බෙහෙත් භාවිතය හා ඖෂධ වගාව පිළිබඳ ජනතාවගේ දැනුම ප්‍රවර්ධනය කිරීම.
  6. සැබෑ පාරම්පරික වෛද්‍ය දැනුම හඳුනා ගනිමින් සංවර්ධනය කිරීම හා නියාමනය.
  7. ආයුර්වේද වෛද්‍ය ක්‍රමය පිළිබඳ පුද්ගල ආකල්ප සංවර්ධනය.
advanced divider
advanced divider
මුල් පිටුවතොරතුරුපුවත්විමසීම්