Donation 1

අනුරාධපුර නගරයේ පිහිටි ප්‍රමුඛතම ආයුර්වේද ඖෂධ සැපයුම් ආයතනයක් වන කාංගර ඖෂධාලය ( පුද්ගලික ) සමාගමේ අධිපති ප්‍රදීප් මහතාගේ ජන්ම දිනය නිමිති කොටගෙන 2025.02.01 දින උතුරු මැද පළාත් ආයුර්වේද රෝහල (අනුරාධපුර) වෙත රු. 50000.00 ක් පමණ වටිනා රෝහල් උපකරණ පරිත්‍යාග කිරීමක් , එම මහතාගේ සහ ආයතන කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් සිදු කරන ලදී.

මෙහිදී රෝහලේ නේවාසික අංශයේ රෝගීන් සඳහා අවශ්‍ය විවිධ පාරිභෝජ්‍ය ද්‍රව්‍ය ප්‍රධානය කිරීමක් සහ රෝහලේ රෝගීන් ගේ පහසුව සඳහා වැදගත් වන සැකසූ විවිධ නාම පුවරු ලබා දීමක් ද සිදු කෙරිණි.

උතුරු මැද පළාත්ඩ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ වැඩබලන උතුරු මැද පළාත් ආයුර්වේද කොමසාරිස්තුමිය, පළාත් රෝහල් අධ්‍යක්ෂකතුමිය, වෛද්‍ය නිලධාරීන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයේ මහත්ම මහත්මීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය.

 

No comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *