ආයතන ප්‍රධානීන්ගේ ප්‍රගති සමාලෝචන රැස්වීම - 2024 ඔක්තෝබර්
උතුරු මැද පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වන ආයතන 46 ක ආයතන ප්‍රධානීන්ගේ ප්‍රගති සමාලෝචන රැස්වීමක් 2024 ඔක්තෝබර් මස 15 දින පළාත් සෞඛ්‍ය ලේකම්තුමාගේ මූලිකත්වයෙන් හා පළාත් ආයුර්වේද කොමසාරිස්තුමියගේ මෙහෙයවීමෙන්, පළාත් ආයුර්වේද රෝහල් ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.
මෙහිදී පළමුව උතුරු මැද පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවිය හා දත්ත රැස්කිරීමේ පද්ධතිය පිළිබඳව පළාත් සෞඛ්‍ය ලේකම්තුමා දැනුවත් කිරීමට කටයුතු කරන ලදී. එමෙන්ම එදින ආයතන ප්‍රධානීන් විසින් තම ආයතන වල ප්‍රගතිය පිළිබඳව පළාත් සෞඛ්‍ය ලේකම්තුමා දැනුවත් කරන ලද අතර ආයතනවල පවතින පරිපාලන ගැටළු හා සංවර්ධන ගැටළු පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමද සිදු කරන ලදී.
මෙහිදී පළාත් සෞඛ්‍ය ලේකම්තුමා විසින් ආයතන මට්ටමින් නිරීක්ෂණය කර ආයතන ගැටළු, කාර්ය මණ්ඩල ගැටළු හා පුරප්පාඩු සම්බන්ධව සාකච්ඡා කරමින්, ආයතන වල සංවර්ධනය සඳහා දායක වීමට කටයුතු කරන බව සඳහන් කරන ලදී.
සියළු ආයතන වල පුරප්පාඩු පිළිබඳ විධිමත් අධ්‍යනයක් සිදු කොට පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව හා සාකච්ඡාකර සියළු පුරප්පාඩු විධිමත්ව පිරවීම සඳහා මැදිහත්වන බව වැඩිදුරටත් පළාත් සෞඛ්‍ය ලේකම්තුමා විසින් ප්‍රකාශ කරන ලදී.


No comment