දහස් වස් සැදූ සුවසෙත
මහව්සද මිටින් අරගෙන
උතුම් මව් බිමට වඩනා සූර්යෝදයයි……

දසිස් පුලතිසි ද තාරක
ලොවක් දන නැමූ ඉසිවර
බැතින් පරපුරට පුදනා
ආයුර්වේදයයි ………….. //

පඬු අබා ගැමුණු බුදදස්
වෙද රදුන් ඇවිත් පොළොවට
පරගැතින් නැසූ සිප්සත
දැයට පුදනවා…..

වැව්තලා පුරා සුවහස්
කැකුළු මල් පිපී නිදහස්
දේශයේ උතුම් උරුමය
බාරගන්නවා …………. //

වහස් බස් අසා සැඟවුණ
බ්‍රහස්පතී තාරකාව
පුලතිසි – රජරට අහයේ
අන්න නැගෙනවා …..

සදා රිටිගලින් ඔසුපැන
තබා රන් තැටිය හිසමත
ජීවක මහ වෙද පරපුර
ගමට වඩිනවා ……….//

පබැදුම – මහින්ද චන්ද්‍රෙස්කර මහතා
තනුව හා සංගීතය – කරුණාරත්න විජේවර්ධන මහතා
ගායනය – සේනනායක වේරලියද්ද මහතා ඇතුළු පිරිස

0:00
0:00
මුල් පිටුවතොරතුරුපුවත්විමසීම්
Skip to content