සත්ව පොහොර

කොම්පෝස්ට් නිෂ්පාදනයේදී ශාක තොටස්වලට අමතරව සත්ව අපද්‍රව්‍ය භාවිතා කිරීමද වැදගත්වේ. මෙහෙදී සත්ව මල හා මුත්‍රා භාවිතා කරනු ලැබේ. කොම්පෝස්ට් නිෂ්පාදනයේ සාර්ථකත්වයට සත්ව පොහොර වැදගත් වේ. මේ නිසා කොම්පෝස්ට් නිෂ්පාදනයේදී හැකි සෑම විටම සත්ව පොහොර භාවිතා කිරීම වැදගත් වේ. එමගින් තත්ත්වයෙන් උසස් කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කල හැකි වේ.

සත්ත්ව පොහොර භාවිතයේ වාසි

  • වැඩිපුර පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයක් ලබාදීම.
  • බොහෝ සත්ත්ව පොහොරවල ඉහල දිරාපත්වීමේ හැකියාවක් පැවතීම.
  • බොහෝ පහසුවෙන් සෑම ප්‍රදේශයකින්ම සපයා ගත හැකි වීම නිසා අමු ද්‍රව්‍යක් ලෙස භාවිතා කිරීමේ පහසුව.
  • නිෂ්පාදනය කරනු ලබන කොම්පෝස්ට් වල බර වැඩිවීම.
  • බොහෝ සත්ත්ව පොහොර භාවිතයෙන් සකසන කොම්පෝස්ට් වල හොඳ පැහැයක් පැවතීම.
  • කොම්පෝස්ට් නිෂ්පාදනයට අවශ්‍ය ක්ෂුද්‍ර ජීවීන් එක්වීම.

ගොම

කොම්පෝස්ට් නිෂ්පාදනයට විවිධ ප්‍රදේශවල වැඩි වශයෙන් භාවිතා කරන සත්ත්ව පොහොර වර්ගයයි. ගොම සමග හැකි සෑම අවස්ථාවකදීම ගව මුත්‍ර භාවිතා කල හැකි නම්, දිරාපත් වීම වේගවත් කල හැකි අතර නිෂ්පාදනය කරන කොම්පෝස්ට් වල ඉහල නයිට්‍රජන් ප්‍රමාණයක් අන්තර්ගත ගත කල හැක.

ගොම භාවිතා කිරීමේ වැදගත්කම

  • වැඩි පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයක් අඩංගුවීම.
  • ඉක්මනින් දිරාපත්වීම.
  • කොම්පෝස්ට් නිෂ්පාදනයට අවශ්‍ය ක්ෂුද්‍ර ජීවීන් එක්වීම.
  • වැඩි බර ප්‍රමාණයක් ලබා ගැනීමට හැකිවීම.
  • අමු ද්‍රව්‍ය ලෙස භාවිතා කිරීමේ පහසුව.
  • සැකසෙන කොම්පොස්ට් වලට හොඳ පැහැයක් ලැබීම.

කුකුල් පොහොර

මේ සඳහා වඩාත් වැදගත් වන්නේ ලේයර් කුකුල් පොහොර වේ. ඒවා හොඳින් දිරා පත් වී තිබීම නිසා කොම්පෝස්ට් සැකසීම සඳහා භාවිතය පහසුය. බොයිලර් කුකුල් පොහොර වල අන්තර්ගත දහයියා හෝ ලී කුඩු දිරාපත්වීම අපහසුය. නමුත් බොයිලර් අතුරණුව කොම්පෝස්ට් නිෂ්පාදනයට භාවිතා කරන අවස්ථාවලදී ඒ සඳහා විශේෂ ක්‍රියාමාර්ග අනුගමනය කිරීමෙන් බොයිලර් අතුරණුවද දිරාපත් කරගත හැකි වේ.

කුකුල් පොහොර භාවිතා කිරීමේ වැදගත්කම

  • වැඩි පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයක් ලබා දීම.
  • කොම්පෝසට් වලට හොඳින් පොස්පරස් ලබා දියහැකි වීම.
  • සැලකිය යුතු ක්ෂුද්‍ර ජීවීන් ප්‍රමාණයක් එක්වීම.
  • දිවයිනේ බොහෝ ප්‍රදේශවල පහසුවෙන් සපයාගත හැකි වීම.

එළු පොහොර

එළු පොහොර සපයා ගත හැකි ප්‍රදේශවල එම සත්ව පොහොරද කොම්පෝස්ට් නිෂ්පාදනය සඳහා භාවිතා කල හැක. විශේෂයෙන් බෙටි ආකාරයෙන් දක්නව ලැබෙන එළු පොහොර කොම්පෝස්ට් නිෂ්පාදනයේදී හොඳින් කුඩු වීම සිදුවේ.

එළු පොහොර භාවිතයේ වැදගත් කම

  • වැඩි පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයක් ලබා දිය හැකි වීම.
  • සැලකිය යුතු ක්ෂුද්‍ර ජීවී ප්‍රමාණයක් අඩංගු වීම.
  • නිෂ්පාදනය කරන කොම්පෝස්ට් වලට හොඳ පැහැයක් ලැබීම.

කොම්පෝස්ට් නිෂ්පාදනයට ඒ ඒ ප්‍රදේශවල සුලභව ලබා ගත හැකි විවිධ සත්ත්ව පොහොර වර්‍ග භාවිතා කල හැක. ඒවා තෝරාගැනීමේදී මේ පිළිබඳව සැලකිලිමත් වීම වැදගත් වේ.

උදා:- වවුල් පොහොර

විවිධ සත්ව පොහොර වල අන්තර්ගත පෝෂක ප්‍රමාණයන්

සත්ව පොහොර
නයිට්‍රජන්
පොස්පරස්
පොටෑසියම්
ගොම
1.7
0.7
0.8
ලේයර් කුකුල් පොහොර
2.3
1.2
2.2
බොයිලර් කුකුල් පොහොර
2.2
0.8
1.9
එළු පොහොර
2.2
0.7
1.2
ඌරු පොහොර
1.5
0.8
0.7