ආයුර්වේද සංචාරක නිවාසය - උතුරු මැද පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව
ආයුර්වේද සංචාරක නිවාසය පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවට යාබදව පිහිටි සියළු පහසුකම් වලින් සමන්විත කාමර 11 කින් යුත් ඉතා සුන්දර නිදහස් පරිසරයක් සහිත භූමියක පිහිටා ඇත. එක් කාමරයක් තුල එක් යුගල ඇඳක් හා අනෙකුත් අත්‍යාවශ්‍ය ගෘහ උපකරණ වලින් සමන්විත වන අතර තමාගේ අවශ්‍යතාවයට අනුව ආහාර පාන පිළියෙල කර ගැනීම සඳහා ද පහසුකම් සපයා ඇත.
ආයුර්වේද සංචාරක නිවාසයට පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවත් , ආයුර්වේද රෝහලේ නිල නිවාසත් අතර පිහිටි මාර්ගය ඔස්සේ ගමන් කිරීමෙන් පිවිසිය හැක.
ගාස්තු හා අයකිරීම්
පළාත් සභාවේ අනුමැතිය අනුව ආයුර්වේද සංචාරක නිවාසය භාවිතා කරන රාජ්‍ය සේවකයන් හා අනිකුත් මහජනයා සඳහා ගාස්තු මෙසේය.
- දෙදෙනෙකු සඳහා පහසුකම් සහිත කාමරයක් සඳහා – රු. 1200.00 ( කාමර 10 ක් පවතී )
- තිදෙනෙකු සඳහා පහසුකම් සහිත කාමරයක් සඳහා – රු. 1950.00 ( කාමර 01 ක් පවතී )
මෙම ගාස්තු කාමර වෙන් කල දිනයේ දහවල් 12.00 සිට පසුදා උදෑසන 10.00 දක්වා කාලය සඳහා අදාල වන අදාල වේ.
මෙම සංචාරක නිවාසයේ කාමර වෙන්කර ගැනීම සඳහා 025-2054053 අමතා අභිමත දින හෝ දිනයක් වෙන්කර ගැනීම සිදුකල හැක.
