“දැන ගියොත් කතරගම - නොදැන ගියොත් අතර මඟ” - ලිපි අංක 02
බක් මාසය කියන්නේ පරිසරය පණ ගහලා නැගිටින ඒ වගේම, දිවට රසැති ආහාර ලැබෙන කාලයක්. මුළු අවුරුද්දක් පුරාම හැදුවේ නැති රසකැවිලි මේ සූර්ය සංක්‍රාන්ති සමයේ තම තමන්ට පුළුවන් විදිහට සෑම ගෙදරකම වගේ හදනවා. සිංහල දෙමළ චාරිත්‍ර වලට අනුව පුරාණයේ පටන් හදන මෙම රසකැවිලි බොහෝමයක්ම පැණි රසයි. ඒ වගේම තෙල් මිශ්‍ර ආහාර. වෙනදා ගෙදර හදන කිරි බතට අපි හකුරු, එළඟිතෙල් වගේ දේවලුත් යොදනවා නැකතට කන්න. ඇයි මේ වගේ චාරිත්‍ර රටාවක් අපේ රටේ බිහි වුණේ? මේ දේවල් ඇඟට හොඳ ද? නරකද? අපි ටිකක් හොයලා බලමු මේ ගැන.
රාශි චක්‍රයේ රාශි දොළහේ අවසන් රාශිය වන මීන රාශියේ ඉදලා, මේෂ රාශියට රවි ග්‍රහයා ගමන් කිරීමට අපි සූර්ය සංක්‍රාන්තිය කියලා කියනවා. මේ නව රාශි චක්‍රයක ඇරඹුම සිද්ද වීමත් සමඟම, පරිසරය අලුත් වීමත්, ඊට ගැළපෙන්න අපේ ශරීරය අලුත් කර ගැනීමත් තමයි මේ කාලයේදී සිංහලයා කළේ.
මීන රාශිය කියන්නෙ ගුරු ග්‍රහයාට අධිපති රාශියක්. මේෂ රාශිය කියන්නෙ කුජ ග්‍රහයාට අධිපතිකම් කියන රාශියක්. ඒ අනුව ගුරු ග්‍රහයාට අයිති ගෙදර ඉදන් කුජ ග්‍රහයාට අයිති ගෙදරකට රවි ග්‍රහයා ගමන් කිරීම තමයි සිදු වෙන්නේ. මේ ක්‍රියාවලියේදී අපි තේරුම් ගන්න ඕන වැදගත් පැත්තක් තියෙනවා. ඒ තමයි ගුරු ග්‍රහයා ශරීරගත මේදෝ ධාතුවට අධිපති ග්‍රහයා බවත්, කුජ ග්‍රහයා ශරීරගත ලේ ධාතුවට අධිපති ග්‍රහයා බවත්. මේ ග්‍රහයන් දෙදෙනාම වා, පිත්, සෙම් දෝෂ තුනෙන් පිත් දෝෂයට බලපෑම් ඇති කරන ග්‍රහයන්. මේ තේරුම් ගැනීමත් සමඟ අපට හොදින්ම තේරුම් යනවා පිත් දෝෂය ක්‍රියාකාරී වන ස්ථාන කියලා. ඒ කියන්නේ නාභිය ආශ්‍රිතව පවතින අක්මාව, පිත්තාශය, අග්න්‍යාශය හා ආමාශය කියන්නේ ආහාර ජීර්ණ ක්‍රියාවලියට ප්‍රධානවම මැදිහත් වන ඉන්ද්‍රියන්ට මේ ග්‍රහ සංක්‍රාන්තිය ප්‍රමුඛව බලපෑම් ඇති කරන බවයි. එහෙම නම් “….අග්නි මූලං බලං ප්‍රංසාං…” කියන සෘෂි වැකියට අනුව, ශරීර ගත ආහාර ජීර්ණ ක්‍රියාවලියේ ප්‍රශස්ත භාවයට නිරෝගී භාවය ඇති කරන්න උදව් දෙන්නේ මේ කියන ශරීරාග්නිය එනම්, ජඨරාග්නිය ධාතු අග්නියේ ක්‍රියාකාරිත්වයන් දුර්වල වන්නේ නැති ආහාර රටාවක් තමයි මේ සූර්ය සංක්‍රාන්ති සමයේ විශේෂයෙන්ම හදුන්වලා දීලා තියෙන්නේ.
මීන රාශිය කියන්නෙ ගුරු ග්‍රහයාට අධිපති රාශියක්. මේෂ රාශිය කියන්නෙ කුජ ග්‍රහයාට අධිපතිකම් කියන රාශියක්. ඒ අනුව ගුරු ග්‍රහයාට අයිති ගෙදර ඉදන් කුජ ග්‍රහයාට අයිති ගෙදරකට රවි ග්‍රහයා ගමන් කිරීම තමයි සිදු වෙන්නේ. මේ ක්‍රියාවලියේදී අපි තේරුම් ගන්න ඕන වැදගත් පැත්තක් තියෙනවා. ඒ තමයි ගුරු ග්‍රහයා ශරීරගත මේදෝ ධාතුවට අධිපති ග්‍රහයා බවත්, කුජ ග්‍රහයා ශරීරගත ලේ ධාතුවට අධිපති ග්‍රහයා බවත්. මේ ග්‍රහයන් දෙදෙනාම වා, පිත්, සෙම් දෝෂ තුනෙන් පිත් දෝෂයට බලපෑම් ඇති කරන ග්‍රහයන්.
මේ තේරුම් ගැනීමත් සමඟ අපට හොදින්ම තේරුම් යනවා පිත් දෝෂය ක්‍රියාකාරී වන ස්ථාන කියලා. ඒ කියන්නේ නාභිය ආශ්‍රිතව පවතින අක්මාව, පිත්තාශය, අග්න්‍යාශය හා ආමාශය කියන්නේ ආහාර ජීර්ණ ක්‍රියාවලියට ප්‍රධානවම මැදිහත් වන ඉන්ද්‍රියන්ට මේ ග්‍රහ සංක්‍රාන්තිය ප්‍රමුඛව බලපෑම් ඇති කරන බවයි. එහෙම නම් “….අග්නි මූලං බලං ප්‍රංසාං…” කියන සෘෂි වැකියට අනුව, ශරීර ගත ආහාර ජීර්ණ ක්‍රියාවලියේ ප්‍රශස්ත භාවයට නිරෝගී භාවය ඇති කරන්න උදව් දෙන්නේ මේ කියන ශරීරාග්නිය එනම්, ජඨරාග්නිය ධාතු අග්නියේ ක්‍රියාකාරිත්වයන් දුර්වල වන්නේ නැති ආහාර රටාවක් තමයි මේ සූර්ය සංක්‍රාන්ති සමයේ විශේෂයෙන්ම හදුන්වලා දීලා තියෙන්නේ.
සිංහල කැවිලි – පෙවිලි වල තියෙන්නේ සහල් පිටි කර ගෙන, පැණි හකුරු මිශ්‍ර කර ගෙන, සිදු කරන සංස්කරණ. පිෂ්ඨමය ආහාර ප්‍රධාන කර ගත් ආහාර රටාවක් තමයි ලංකාවෙි තියෙන්නේ. ඒ නිසා මේ ආහාර වලට ශරීරය දක්වන ප්‍රතිචාර තේරුම් ගැනීම ඉතාම වැදගත්. ආහාරයක් ශරීර ගත රුධිර ප්‍රමාණයට දක්වන ප්‍රතිචාරය පදනම් කර ගෙන 1 සිට 100 දක්වා වූ ගණනය කිරීමක් විද්‍යාත්මකව සකස් කරලා තියෙනවා. ආහාරයක Glycemic Index කියල තමයි මෙයට කියන්නේ. Glycemic Index එක අඩු ආහාර රුධිර ගත සීනි මට්ටම විචලනය කරන්න දක්වන ප්‍රතිචාරය අඩුයි. හාල් පිටි, මුං ඇට පිටි, කවුපි පිටි වගේ සිංහල කැවිලි පෙවිලි සකස් කරන්න යොදා ගන්න පිටි වර්ග වල Glycemic Index එක , පාන් පිටි වලට වඩා සාපේක්ෂව අඩුයි. ඒ වගේම, කිතුල් හකුරු, උක් හකුරු වල Glycemic Index එකට වඩා සාපේක්ෂව සීනි වල ග්ලයිසිමික් අගය වැඩියි. “සිංහලයා කැවුම් කන්න රුසියෙක්” බව පරණ ජන වහරේ සදහන් වෙනනේ ඇයි කියලා දැන් වටහා ගන්න පුලුවන් නේද?
හරි විදිහට සකස් කරන සිංහල කැවිලි පෙවිලි සූර්ය සංක්‍රාන්ති සමයේ ශරීරයේ දෝෂ තුලනය සඳහා උදව් වෙලා, කය නිරෝගී කරනවා. නමුත්, කැවුම් වෙනුවට කේක්, බිස්කට් ආදේශ වුණු වර්තමාන අවුරුදු කෑම මේසය රෝග කාරකයි. පොල් තෙල් වෙනුවට සන්තෘප්ත මේද වර්ග වන fපාම් ඔයිල්, මාගරීන් වර්ග, බටර් වර්ග යොදා ගෙන සීනි, පාන් පිටි, විවිධ වර්ණක (Coloring)) වර්ග, කල්තියා ගැනීමේ අමු ද්‍රව්‍ය හා රසකාරක වර්ග යොදා ගෙන සකස් කළ කැවිලි පෙවිලි වලින් මනුෂ්‍ය ශරීරය ලෙඩ කරවනවා. ඇත්තටම සිංහල අවුරුද්දක් ගෙවිලා ගියාම සීනි, කොලෙස්ටරෝල් ප්‍රෙෂර් වගේ බෝ නොවන රෝග වැඩි වෙන්නේ හෙළ කැවිලි පෙවිලි රටාව වෙනුවට වෙළඳ පොලෙන් මිලදී ගන්නා කැවිලි පෙවිලි ආහාරයට ගැනීම හෝ ශරීරයට හිතකර නොවන අමුද්‍රව්‍ය යොදා සකස් කළ ආහාර වර්ග අනුභවයයි.
ඒ විතරක් නොවෙි, මස් වර්ග පුලුස්සා “බාබකිව්” දැමීම, සොසේජස් වර්ග, සෝස් වර්ග, චීස් හා බයෝනික් වැනි දේ බහුලව යොදා ගෙන සකස් කර ගන්නා කෙටි ආහාර හෝ ප්‍රධාන ආහාර වර්ගත් අතිශයින්ම රෝගකාරකයි.
මේ නිසා, නැකතට එළගි තෙල්, තල, හකුරු මිශ්‍ර කිරි බතක් සාදාගෙන, සිංහල විදිහට මුං කැවුම්, කොණ්ඩ කැවුම් හා වැලි තලප ටිකක් අවුරුද්දට ගෙදරදීම සකස් කර ගත්තොත්, අවුරුදු කෑවට පස්සේ ලෙඩ වැඩි කර ගෙන දොස්තරලා පස්සේ දුවන්න වෙන්නෙ නැති බව වටහා ගත යුතු වෙනවා.
වෛද්‍ය නිලධාරී නිලන්ත බී. ඕලූකරඳ.
අනුරාධපුර , පළාත් ආයුර්වෙිද රෝහලේ , ජ්‍යෝෂ්ඨ වෛද්‍ය නිලධාරී හා අනුරාධපුර, පුල්ලේයාර හන්දියේ , ආරෝග්‍යා ආයුර්වෙිද වෛද්‍ය මධ්‍යස්ථානය හා රූපලාවන්‍යාගාරයේ , උපදේශක වෛද්‍ය නිලධාරී.
M.Sc. In MAAI (GWAI-Kelaniya), MPM (SLIDA), BAMS (IIM-Colombo).DOM (SLIDA), ACHRM (NIBM)
දුරකතන- 071-8587880 / 077-7356135,
fb- Anuradhapura Ayurveda
විද්‍යුත් ලිපිනය[email protected]
