බු.ව. 2565 පොසොන් පුර පසළොස්වක පොහොය දින ( 2022.06.14 ) නිමිත්තෙන් උතුරු මැද පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සහ අනුරාධපුර පළාත් ආයුර්වේද රෝහල් කාර්ය මණ්ඩලයේ ශ්‍රම දායකත්වයෙන් රුවන්වැලි සෑ පුදබිම අසල පෙත් මගෙහි ඔසු පැන් දන්සලක් හා සුව ධරණී ප්‍රතිශක්තිකරණ ඖෂධ බෙදා දීමේ පින්කමක්, පළාත් ආයුර්වේද කොමසාරිස්තුමාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී. මේ සඳහා අතිවිශාල ජනතා සහභාගීත්වයක් දක්නට ලැබුනි.
පලුගස්වැව ආයුර්වේද මධ්‍යම බෙහෙත් ශාලා කාර්ය මණ්ඩලය, ආයුර්වේද ප්‍රවර්ධන සමාජය හා ආයුර්වේද සංරක්ෂණ සභාව එක්ව සංවිධානය කල සව් කැද දන්සැල හා ඔසු පැල බෙදා දීම අද දින බෙහෙත් ශාලා පරිශ්‍රය ඉදිරියේ පවත්වන ලදී.
ගල්නෑව ආයුර්වේද මධ්‍යම බෙහෙත් ශාලාවේ පොසොන් පොහොය නිමිත්තෙන් පැවති ඔසුපැන් දන්සල.
පුවත්
Your email address will not be published. Required fields are marked *
Comment *
Name *
Email *
Website
Save my name, email, and website in this browser for the next time I comment.
No comment